සුපිරි නළු අමීර් ඛාන් පාන් පිටි මලු ඇතුලේ දමා අසරණ වූ ජනතාවට මුදල් බෙදයි

0
200

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ දින ගණනාවක සිට පනවා ඇති ඇදිරිනීතිය නිසා රැකී රක්ෂා ආදිය කළ නොහැකියි. මුදල් නැති නිසා රජයේ සමූපකාරවලින් ඔවුන්ට ආහාර මිලදී ගැනීමටද බැරිය. මේ නිසා එදාවේල හම්බකර ගෙන ජීවත්වන කම්කරුවන් ලක්ෂ ගානක් කුසගින්නේය.

මේ අතර එක් පුද්ගලයෙකුට ඕනි උනා ජනතාව අතරින් ඇත්තටම දුප්පත් මිනිසුන් කොටස තෝරගෙන යම් මුදලක් ආධාර කරන්න. නමුත් මේ බව ප්‍රසිද්ධ කළහොත් මුදල් ඇති අය පවා ආධාර ගැනීමට පැමිණේවි. ඔහූ ඊට කදිම උපායක් හිතුවේය.

ඔහූ දුප්පත් මිනිසුන් වෙසෙන මුඩුක්කුවලට ගොස් පාන්පිටි කිලෝවක් ලබාගැනීමට පෝලිම් හැදෙන්නැයි නිවේදනයක් කලේය. නොමිලේ දෙන පාන්පිටි කිලෝවක් වටින්නේ කාටද කියා ඔහූ හොඳටම දනී. ඒ දුප්පත්කමේ අඩියේම සිටින්නන් පමණි.

පෝලිම් ගැසී මිනිත්තු කිහිපයක් රැඳී සිටීමෙන් පසු ඔවුන්ට පාන්පිටි කිලෝව බැගින් ලැබුණි. නිවසට ගොස් බෑගය විවර කර බැලූ දුප්පත් මිනිසුන්ගේ ඇස්වලට කදුළු උනන්නට විය. පාන්පිටි අතරින් ඉන්දීය රුපියල් 15,000ක නෝට්ටු මිටියක් දිස්වන්නට විය. (ලංකාවෙ මුදලින් 35,000 වැඩියි)

ඔහූ අන් කිසිවෙක් නොවේ. යුනිසෙෆ් සංවිධානයේ තානාපතිවරයෙක් මෙන්ම ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන අමීර් ඛාන්ය. ඉන්දීය රුපියල් කෝටි ගානක් දුප්පතුන්ට දන්දුන් මිනිසා අමීර් ඛාන් බව ආධාර ලබාගත් කිසිවෙක් අදටත් දන්නේ නැත.

වීරයන්ට ප්‍රසිද්ධියෙන් වැඩක් නැත. ප්‍රජාවගේ සතුට පමණක් අපේක්ෂා කරයි.

|චතුර රුවන් වීරක්කොඩි

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0