කුසල් මෙන්ඩිස්ගේ මාරක රිය අනතුරේ CCTV දර්ශණ මෙන්න – CCTV Video

0
81

පානදුර උතුර ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.අනතුරෙන් මියගියේ වයස අවුරුදු 64ක පුද්ගලයෙක්.පානදුර උතුර පොලිස් වසමේ පරණ ගාලු පාරේ හොරේතුඩුව ප්‍රදේශයේදී අද අලුයම 5ට පමණ මෙම මාරක අනතුර සිදුවී තිබුණා.

මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථය ගැටී ඇත්තේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදිකරුවෙකුගේ ගැටෙන අයුරු අසල තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබුණා.එහි දැක්වෙන ආකාරයට අදාළ මෝටර් රථය මංතීරු නීතියද උල්ලංඝනය කරමින් මාර්ගයේ දකුණු දෙසින් ධාවනය කරන ආකාරය දක්නට ලැබෙනවා.අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිස් මූලස්ථානය පැවසුවා.

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුණේ වයස අවුරුදු 64ක් වූ පානදුර උතුර ගොරකපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.ඔහුගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා.

ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here