කොරෝනා වැළඳී රෝහල්ගත කළ බොලිවුඩයේ සුපිරි නළුවා අමිතාබ් ගැන ඉන්දීය මාධ්‍ය උණුසුම් කරමින් ලැබුණු අලුත්ම වාර්තාව

0
141
බොලිවුඩයේ සුපිරි නළු අමිතාබ් බච්චන් පසුගිය දිනෙක ලොව පුරා මාධ්‍ය උණුසුම් කළේ “තමන්ට කොරෝනා වැළඳී” ඇති බවට ඔහු කළ හෙළිදරව්වත් සමඟයි.
ඒ සමඟින්ම… ඔහුගේ පුතනුවන් වන අභිෂේක්, අයිශ්වර්යා හා ඔවුන්ගේ දියණියට ද කොරෝනා ධනාත්මක බව තහවුරු වුනා.
මේ හේතුවෙන්, ඉන්දියාවම ඉමහත් කැළඹීමට පත් වූ අතර අම්තාබ්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් ඔහුගේ රසිකයින් විවිධ පුද පූජා කරන අයුරුද දැකගත හැකි වුනා.
කෙසේ වෙතත්, අමිතාබ් බච්චන් ගේ නවතම පරීක්ෂණය මඟින් ඔහු කොරෝනා ආසාදනය නොවී (negative) ඇති බවට හෙළි වී තිබෙනවා.
අභිෂේක් විසින් මේ ගැන සඳහන් කරමින් ට්විටර් පණිවුඩයක්ද තැබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
“ඔහු දැන් රෝහලෙන් පිටව ගියා.. දැන් ඔහු නිවසේ සිට විවේක ගනු ඇති. ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා එක් කළ ඔබ සියලු දෙනාට ස්තුතියි..” යනුවෙන් අභිෂේක් සටහනක් යොදා තිබුණා.
කෙසේ වෙතත්, පෙරදී නිකුත් කළ ට්විටර් පණිවුඩයක අමිතාබ් සඳහන් කර තිබුණේ, “තමන් කොරෝනා වෛරසය ද සමඟින් තවමත් රෝහලේ කාලය ගත කරන” බවයි.

එමෙන්ම තමන් වෙනුවෙන් ප්‍රාර්ථනා පුරවන රසික පිරිසට ස්තුති කරන්නට ද ඔහු අමතක කළේ නැහැ.

මේ අතර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත තාක්ෂණ අධ්‍යාපන ඇමතිනී කමල් රාණි වරුන්, කොරෝනා ආසාදනය වී මිය ගොස් තිබෙනවා.

62 හැවිරිදි ඇය සතියක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මිය ගොස් ඇති අතර, ඇය කොරෝනා ආසාදනය වී මිය ගිය ඉන්දියාවේ පළමු අමාත්‍යවරියයි.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.)

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0