2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරඟය පාවාදීමේ චෝදනාව ගැන ICC ස්ථාවරය

0
326

2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගය පාවා දී ඇතැයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසා බලමින් සිටින බව ICC ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

එමෙන්ම එම තරඟය පාවා දුන් බවට එවකට ක්‍රීඩා අමාත්‍ය පදවිය හෙබැවූ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු සමඟ අදහස් හුවමාරු කරගැනීමට අදහස් කරන බව ද ICC ආයතනය පවසයි.

ජගත් පාලක මණ්ඩලයේ මාධ්‍ය සහ සන්නිවේදනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිය කෙටකි ගොලත්කාර් ඒ බව සඳහන් කළේ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කරන චෝදනාව පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදීය.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය පිල නියෝජනය කළ හිටපු ක්‍රීඩකයින්, නිලධාරීන් ඇතුළු පිරිසගෙන් කරුණු විමසන්නේ දැයි ඊමේල් මාර්ගයෙන් බීබීසී කළ විමසීමට නිසි පිළිතුරක් නොදුන් සන්නිවේදන කළමනාකාරිනිය කියා සිටියේ, මේ අවස්ථාවේ ඊට වඩා යමක් පැවසිය නොහැකි බවය.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නේ දැයි කළ විමසීමට ද ඇය සෘජු පිළිතුරක් දී නොතිබිණ.

News Source :- BBC Sinhala

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0