අතුරුදන් වූවන් සොයා පොලිසිය සහ නාවික හමුදා නිළධාරීන් මෙහෙයුම්වල….
කිරිඳිවැල – රංවල ප්රදේශයෙන් කැලණි ගඟේ දිය නෑමට ගිය පාසැල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
ඔවුන් සොයා මේවන විටත් මෙහෙයුම් ක්රියාත්මකයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වැලිවේරිය ක්රිස්තුරාජ විදුහලේ ඉගෙනුම ලබන මුදුන්ගොඩ සහ වැලිවේරිය පුදේශයේ පදිංචි වයස අවුරුදු 19ක් පමන වන සිසුවෙක් සහ සිසුවියක්.
එච්.කේ.රෝසවාසනා පීරිස් සහ එම්.සහන් පුෂ්පකුමාර නමැති මොවුන් දෙදෙනා යහළුවෙකුගේ උපන්දින සාදයක් සැමරීම සඳහා තවත් යහළුවන් පිරිසක් සමග නිවසින් පිටව ගොස් තිබෙනවා.
සිසුන් පිරිස ඊයේ සවස 04.15 ට පමන කිරිඳිවැල පොලිස් වසමේ රංවල හරහා ගලාබසින කැළනි ගඟේ දිය නෑමට ගිය අවස්ථිවේදීයි මෙම සිසුන් දෙදෙනා දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ.
අතුරුදන් වූවන් සොයා පොලිසිය සහ නාවික හමුදා නිළධාරීන් ප්රෙද්ශවාසීන්ගේද සහාය ඇතිව සෝදිසි මෙහෙයුම් දියත්කර තිබෙනවා.
News Source :- Hiru Gossip
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1