WWE ශූර ‘අන්ඩර්ටේකර්’ යළි රෙස්ලින් වළල්ලට පැමිණෙයි ද?

0
311

තමාට “යළි රෙස්ලින් වළල්ලට පැමිණීම සඳහා ආශාවක් නැති” බව පැවසීමත් සමග WWE ශූර ‘අන්ඩර්ටේකර්’ වෙත සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් සහාය පළ වී තිබේ.

පනස් පස් හැවිරිදි ඔහුගේ සැබෑ නම මාක් කැලවේ ය.

මෑත කාලීන වාර්තා වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටියේ “තමාට තවත් දිනා ගැනීමට දෙයක් නොමැති” බවය.

දශක තුනක් පුරා දිවයන ඔහුගේ වෘත්තීය ජීවිතයෙන් සමු ගැනීම සඳහා සැලසුමක් ඇති බව එමගින් පෙනී යයි.

නමුත් ‘අන්ඩර්ටේකර්’ හෝ ‘WWE’ සමාගම ඔහු ලීග තරගවලින් විශ්‍රාම ගන්නා බවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

‘ද ඩෙඩ් මෑන්’ (The Dead Man) යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන ඔහු WWE නවතම චරිතාපදානය ‘The Last Ride’ හි සිය අදහස් පළ කර තිබේ.

‘ඒජේ ස්ටයිල්ස්’ ට (AJ Styles) එරෙහිව මෑතක දී ‘අන්ඩර්ටේකර්’ සහභාගි වූ තරගය පිළිබඳ සිය චරිතාපදානයේ ඔහු අදහස් දක්වයි. එම තරගයේදී සිය ප්‍රතිවාදියා “වළ දමන” ඔහු යතුරුපැදියක නැගී නික්ම යයි.

“ඒක නියම අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවල් නිතරම ලැබෙන්නේ නැහැ. වෘත්තීය ජීවිතයට සමු දෙන හොඳම විදිහක් තිබෙනවා නම්, ඒක තමයි ඒ හොඳම විදිහ,” යනුවෙන් ඉහත කී සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0