Mahinda Rajapaksha
නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දින උදෑසන 9.15 ට යෙදුනු සුභ මොහොතින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කැලණි රජ මහා විහාරයෙදී දිවුරුම් දුන්නා.
එම අවස්ථාවට මහා සංඝ රත්නය ඇතුලූ පූජ්‍ය පක්ෂය, ත්‍රිවිධ හමුදාපතිවරුන්, අමාත්‍යවරුන් සහ තේරී පත්වූ මන්ත්‍රීවරුන් ද සහභාගී වී සිටියා.
ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කෙරුණේ කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.
ඉන් අනතුරුවයි ජනාධීපතිවරයා ඉදිරියේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ලැබුවේ.
මෙවර මහ මැතිවරණය අගමැති මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් ජය ගත්තේ ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම මනාප සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියමින්.
එම ඡන්ද සංඛ්‍යාව 527,364ක්.