එජාප ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය රනිල් වික්‍රමසිංහට – එජාප නායක රනිල්ගෙන් තීරණයක්

0
36

මෙවර ජාතික ලැයිස්තුවෙන් එක්සත් ජාතික පක්ෂය සඳහා ලැබී ඇති මන්ත්‍රී ධුරයට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ නම් කිරීමට සූදානම් වන බව එජාප ආරංචි මාර්ග සඳහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවට යෝජනාවක් අද දිනයේදී එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සලකා බැලීමට නියමිතව ඇත. ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා පුද්ගලයකු නම් කිරීමට මැතිවරණ කොමිසමෙන් එජාප මහ ලේකම්වරයා තවත් අමතර සතියක ඉල්ලා තිබුනි.

ඒ අනුව බොහෝ දුරට රනිල් වික්‍රමසිංහගේ නම ඒ සඳහා නම් කරනු ඇතැයි වාර්තා වෙයි.

මේ අතර වාර්තා වන්නේ රනිල් වික්‍රමසිංහ තමන්ට පාර්ලිමේන්තුවේ තනතුරක් ලබා දෙන්නැයි පාර්ශව කිහිපයක් පාර්ශවයන් ඔස්සේ ඉල්ලීම් සිදුකර ඇති බවයි.

News Source :- Lankamag.com

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here