වසරක් තිස්සේ බාල වයස්කාර දියණිය අපහරණය කළ සුළු පියා අත්අඩංගුවට | Little Girl Rape in Sri Lanka

0
129
Little Girl Rape in Sri Lanka

Little Girl Rape in Sri Lanka

9 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ එම දැරියගේ මවගේ දෙවන විවාහයේ සැමියා ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.

ඉමදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සැකකරු මීට පෙර ද විවාහකව සිටි අයෙකු බව වාර්තා වෙයි.

සැකකරු විසින් මෙම දැරිය 2019 වර්ෂයේ සිට දිනකට එක්වතාවක් හෝ බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබ ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු විසින් දැරියගේ මව, ආච්චි හා සියා බිය ගන්වා තර්ජනය කොට මෙකී බාලවයස්කාර දැරිය අපයෝජනයට ලක් කර ඇතැයි පොලිසිය කළ පරික්ෂණවලදී හෙළි වී තිබේ.

මෙකී දැරියගේ මව 2019 වර්ෂයේදී දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වී ඇති අතර, එම කාලයේ දී සැකකරු එම දැරිය බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමට පටන්ගෙන ඇති බව පොලිසිය පවසයි.

දැරියගේ මවට දෙවන කසාදයේ සැමියා වන සැකකරුගෙන් වයස අවුරුදු එක හමාරක දරුවෙකු ද සිටී.

ඇතැම් අවස්ථාවලදී සැකකරු එම දැරිය අපයෝජනයට ලක් කරන අයුරු දැරියගේ පවුලේ සාමාජිකයන් ද දැක ඇති බව සඳහන්.

එම අවස්ථාවලදී සැකකරු ඔවුන්ගේ ගෙළට පිහියක් තබා පොලිසියට කිවහොත් මරා දමන බවට තර්ජනය කොට ඇති බව පොලිසියට කරුණු වාර්තා වී තිබේ.

සැකකරු දැරියගේ මවට හා මිත්තණියට පහර දීමෙන් ඇති වූ තුවාල කැළැල් ඔවුන්ගේ සිරුරුවල දක්නට ඇති බව ද වාර්තා වෙයි.

පසුගිය සතියේ දිනක එසේ තුවාල ලැබූ දැරියගේ සීයා රෝහල්ගත කිරීමට අදාළ සැකකරු ගිය අවස්ථාවේ දැරියගේ මව අසල නිවසක කාන්තාවකට තම දැරිය මෙසේ අපයෝජනයට ලක්කරන බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කරන ලෙසත් දැනුම් දී ඇත.

එසේ ලැබුණු පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

බාලවයස්කාර දැරිය, ඇයගේ මිත්තණිය හා සීයා අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරිමට නියමිතව තිබිණි.

White Elephant News 

News Source :- Mawbima.lk

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0