Black Panther Dead
“එය හතරවන අදියරට පැමිණෙන තෙක්ම ඔහු සටන් වැදුනා..”
බ්ලැක් පැන්තර්, ඇවෙන්ජර්ස් වැනි සුපිරි චිත් රපටවල, අමතක නොවන විශිෂ්ඨ රංගනයක නියැලුනු සුපිරි නළු චැඩ්වික් බොස්මන් (CHADWICK BOSEMAN) ජීවන ගමනට සමු දී තිබෙනවා.
වසර හතරක් තිස්සේ බඩවැලේ පිළිකාවකින් පීඩා විඳි සුපිරි තරුව මිය යන විට 43 හැවිරිදි වියේ පසු වුනා.ඔහුගේ පවුලේ පිරිස් මේ ගැන ශෝක ප්රකාශයක් නිකුත් කර තිබුනා.”අපි ඔහුගේ මරණය සනාථ කරන්නේ ඉතාමත් ශෝකයෙන්. 2016 දී තමයි ඔහුට බඩවැලේ පිළිකාවක් බව හඳුනාගත්තේ. එය හතරවන අදියයරට පැමිණෙන තෙක්ම ඔහු සටන් වැදුනා..”
2013 වසරේ බේස්බෝල් ශූර ජැකී රොබින්සන්ගේ චරිතයට පන පෙවීම හේතුවෙන් ප්රකට වූ චැඞ්වික් බෝස්මන් වඩාත් ජනප්රිය වූයේ 2018 වසරේ ඔහු රඟපෑ බ්ලැක් පැන්තර් චිත්රපටයෙන්.බ්ලැක් පැන්තර් ඔස්කාර් සම්මාන සඳහා නම් කෙරුණු ප්රථම සුපිරි වීර චරිත චිත්රපටයයි.
News Source :- Hiru Gossip