අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ගිනි ගනිමින් ඇති ”ඵඔ නිව් ඩයමන්ඞ්” නමැති ඉන්ධන නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 22 දෙනෙකු බේරාගත් බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියාසිටියේ එක් නාවිකයෙකු අතුරුදන් වී ඇති බවයි.
බේරාගත් නාවිකයින්ගෙන් එක් අයෙකුද තුවාල ලබා සිටි බැවින් ගොඩබිමට කඩිනමින් රැගෙන ආ බව ඔහු කියාසිටියා. තවත් 19 දෙනෙකු වෙනත් රටකට අයත් වෙළද නෞකාවක් හරහා ගොඩබිමට රැගෙන එමින් සිටිනවා. සෙසු දෙදෙනා නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් ගොඩබිමට රැගෙන එමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ.
මෙලෙස ගිනි ගැනීමට ලක් වූයේ ඉන්දියාව බලා ගමන් කළ පැනමාවට නෞකාවක්. මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට නෞකා දෙකක් සහ හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් එක් නෞකාවක් අදාළ මුහුදු ප්‍රදේශය වෙත පිටත්කර හැරුණා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා වැඩිදුරටත් කියාසිටියේ නෞකාව තවමත් ගිනි ගනිමින් ඇති බවයි.
මෙම නෞකාව සම්බන්ධයෙන් හා අදාළ මුහුදු ප්‍රදේශය නිරික්ෂණය කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඊ-200 බිච් ක්‍රාෆ්ට් වර්ගයේ ගුවන් යානයක් ද පිටත කර යවා ඇති බව ගුවන් හමුදාව පැවසුවා.
මෙම නෞකාව කුවේට් සිට ඉන්දියාවට ලිහිසිතෙල් මෙටි්රක් ටොන් ලක්ෂ තුනක් රැගෙන යමින් තිබුණා. අනතුරට පත් නෞකාවේ එන්ජින් කාමරයෙන් ගින්න හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ. අදාළ නැවේ ලිහිසි තෙල් මුහුදට මිශ්‍ර වෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නාවික හමුදාව, වෙරලාරක්ෂක බලකාය සහ ශ්‍රි ලංකා වරාය අධිකාරිය මේ වනවිටත් නිරික්ෂණයක යෙදි සිටිනවා.
News Source :- Neth News