Sinhala Gossip Today
ගුවන් යානයෙහි තිබෙන හදිසි පිටවීමේ දොරටු විවර කර යානයේ තටු මත ඇවිද ගිය කාන්තාවක සම්බන්ධයෙන් වන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තුර්කියේ සිට යුක්රේනය බලා ගමන් ගත් බෝයිං වර්ගයේ 737- 86N ගුවන් යානයකයි අදාළ සිදුවීම සිදුව ඇත්තේ.
ගුවන් යානය ගොඩබැස්වීමෙන් අනතුරුව ඇය මෙලෙස සිදු හදිසි පිටවීමේ දොරටුවෙන් ගුවන් යානයෙන් පිටතට පැමිණ ඇති බව ද සඳහන්.
තමන්ට අධික ලෙස දහදිය දැමු බැවින් මෙලෙස හදිසි පිටවීමේ දොරටුව විවෘත කරමින් පිටතට පැමිණි බව ඇය අදාළ බලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
අනතුරුව අදාළ බලධාරීන් විසන් ඇයට ගුවන් ගමන් තහනමක් පනවා ඇති අතර මින්මතුවට ඇයට යුක්රේනයට අයත් ගුවන් යානයක ගමන් කළ නොහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.
News Source :- Hiru Gossip
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1