“ඇය වයසින් ගොඩක් බාල කෙනෙක්, දික්කසාද වුණු කෙනෙක්ව විවාහ කරගන්න ඕන කෙනෙක් දෙපාරක් හිතනවා…” – හර්ෂණ බෙත්මගේ

0
222
Harshana Bethmage New Girlfriend
Harshana Bethmage New Girlfriend

තව ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. කොටස් 50ක විතර නාට්‍යයක පිටපත මේ දවස්වල කියවමින් ඉන්නවා. බොහෝවිට ඒ නිර්මාණයේ රූගත කිරීම් ලබන මාසේ පටන් ගනියි. අනෙක් නිර්මාණයත් සාකච්ඡා මට්ටමේ තියෙනවා.

හර්ෂණ දැන් පෙම්වතෙක්. කවදද විවාහය සිද්ධ වෙන්නේ?

විවාහයට දින වකවානු නම් ලෑස්ති කරගෙන නැහැ. ඒ වෙනුවෙනුත් සූදානම් වෙනවා.

පෙම්වතිය අරුණි, විවාහය ඉක්මන් කරන්නේ නැද්ද?

ඇය වයසින් ගොඩක් බාල කෙනෙක්. ඕනෑ තරුණියක් විවාහ වෙන්න මනාලියක් වෙන්න කැමැතියි. මම එයාට ඕන විදිහට හැමදේම සැලසුම් කරලා ඉවරයි. ඇයයි මමයි කතා කරලා හැමදේම සුදුසු කාලේ සැලසුම් කරනවා.

ඇය වෙනුවෙන් දැන් හර්ෂණ ලොකු කාලයක් වෙන් කරනවා නේද?

ඔව්. ඇය මාව ඉතාම හොඳ විදිහට තේරුම් ගත්ත කෙනෙක්. දික්කසාද වුණු කෙනෙක්ව විවාහ කරගන්න ඕන කෙනෙක් දෙපාරක් හිතනවානේ. නමුත් ආශ්‍රය කරද්දී මම කවුද කියන දේ තේරුම් යන්න ඇයට පුළුවන් වුණා. ස්වභාවධර්මය කියන්නේ මහ පුදුම දෙයක්. අපි හොඳ දේවල් කරනවා නම් ජීවිතයේ නරක අපව අතහැර යනවා. ජීවිතයේ හොඳ අපි එක්ක රැඳිලා ඉන්නවා. ඉතිං ඇය මං වෙනුවෙන් රැඳිලා ඉන්නවා. ඒ වෙනුවෙන් මමත් ඇයට කාලය වෙන් කරනවා.

ජීවිතයේ නරක අපව අතහැර යනවිට ජීවිතයේ හොඳ අපව තනි නොකරයි කියන වචන පෙළ හර්ෂණ මුහුණ පොතට එක් කළෙත් යම් අරමුණකින්ද?

මම ලබන ආත්මය ගැන විශ්වාස කරන්නේ නෑ. මම විශ්වාස කරනවා අපි කරන හොඳ දේවල් තමයි අපිට අනෙක් පැත්තට ලැබෙන්නේ. මම සමහර තීරණවලින් ජීවිතේ වැටිච්ච කෙනෙක්. හැබැයි අවුරුද්දක් වගේ ඇතුළත මම හිටියට වඩා හොඳට නැඟිට්ටා. මම කවුද කියලා මම දන්නවා. මම හරිදේ කළොත් මට හරි දේ ලැබෙයි කියන විශ්වාසයේ මම වැඩ කරනවා.

පෙම්වතිය හර්ෂණගේ නළුකම්වලට සීමා දාලා නැද්ද?

මගේ ජීවිතයේ තීන්දු තීරණ ගන්නේ මමමයි. මගේ තීරණවලදී මම පැරදුණත්, දින්නත් ඒ මම. මේ මොහොතේ ගත්ත තීරණයත් ගොඩක් ඉදිරිය ගැනත් හිතලා ගත්ත තීරණයත්. අපි ගත්ත හැම තීරණයක්ම අත්දැකීමක්. දෙයක් වෙන්න ඕනේ දෙයක් තේරුම් ගන්න. මම ගත්ත තීරණය හරි කියලා මම හිතනවා.

ගත්ත තීරණ ගැන ඕන තරම් පසුතැවිලත් ඇති නේද?

ෆේල් වුණ තැන් තියෙනවා. හැබැයි මම ඒවා මතක් කර කර ඉන්නේ නෑ. අද දවස වෙද්දී මගේ ජීවිතේ පසුතැවීමක් නැහැ. ජීවිතේ පසුතැවුණ කාලයක් තිබ්බා. අද ඒ දේවල් මතක් කරන්නේ නැහැ. මම අනාගතය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නෙවත්, අතීතය ගැන දුක්වෙන්නෙවත් නෑ. මේ මොහොතේ හොඳින් ජීවත්වෙන්න, සාර්ථක කරගන්න උත්සාහ කරනවා. ඒවායේ ප්‍රතිඵල අනාගතයේ ලැබෙයි.

News Source :- Hiru Gossip 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0