ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත්ගේ පෙම්වතිය වන රියා චක්‍රබෝර්ති අත්අඩංගුවට ගත් හේතුව මෙන්න – Photos

0
217

ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ පෙම්වතිය වන රියා චක්‍රබෝර්ති ඉන්දිය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සුෂාන්ත්ගේ සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලදී අනාවරණ වූ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන්.

දින තුනක් පුරා සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇයව අත්අඩංගුවට ගත් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.


පසුගිය ජුනි මස 14 වනදින සිදු වූ සුෂාන්ත් සිංගේ මරණය සම්බන්ධයෙන් රට මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂණවලදී රීයා චක්‍රබොර්ති විත්තිකරුවෙකු ලෙස නම් කරනු ලැබුවා.

මීට ප්‍රථම ඇයගේ සහෝදරයෙකු ෂොයික් චක්‍රබෝර්තිද මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ද සඳහන්.

රියාගේ දුරකථනයේ තිබු කෙටි පණිවුඩ සහ සංවාද සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනතුරුව ඇයව  මත්ද්‍රව්‍ය පාලන කාර්යංශ භාරයට ගෙන තිබෙනවා.

එම සංවාද අනුව රියා විසින් සියදිවි හානිකර ගනු ලැබූ බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් හට මත්ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කර ඇති බව අනාවරණවී ඇති බවයි අනාවරණවී ඇත්තේ.

ඊයේ දිනයේදී ඇය මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඇය කියා සිටියේ තමන් යම් දෙයක් සිදුකළා නම් එය කළේ, සුෂාන්ත් වෙනුවෙන් බවයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0