ඔත්තු දීලා ලක්ෂපතියෙකු වන්න – T56 කට දෙලක්‍ෂ පනස් දහසයි

0
188
සමාජය තුළ පවතින නීති විරෝධී ගිනි අවි සහ බෝම්බ සම්බන්ධයෙන් ඔත්තු දෙන මහජනතාවට රුපියල් දස දහසේ සිට රුපියල් දෙලක්‍ෂ පනස් දහස දක්වා ත්‍යාග මුදල් දීමට වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසනවා.

මෙම වැටලීම් සිදු කරන පොලිස් නිලධාරීන්ටද ගිනි අවි අනුව ත්‍යාග මුදල් ලබා දෙන බවද ඒ මහතා කියා සිටියා.
රුපියල් දස දහසේ සිට රුපියල් දෙලක්‍ෂ පනස් දහස දක්වා වූ ත්‍යාග මුදල් මෙහිදී ජනතාවට හිමි වේ .
ටී 56 ගිනි අවියක් සඳහා උපරිම මුදල වූ දෙලක්‍ෂ පනස් දහසේ මුදල හිමි වේ.
News Source :- Citizen.lk
What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0