ipl news sinhala
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වන තරගයෙන් ලකුණු 49ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.අබුඩාබි හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා.නායක රෝහිට් ෂර්මා පන්දු 54 කින් ලකුණු 80ක් රැස් කළේ හයේ පහර 6ක් ද සිය ඉනිමට එක්කරමින්..
සූර්යකුමාර් යාදෙව් ලකුණු 47කට දැවී ගියා.
පන්දු යැවීමේ දී Shivam Mavi කඩුලු 2ක් බිද හෙලුවා.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 146ක් පමණයි.
නායක දිනේෂ් කාර්තික් ලකුණු 30යි.
පැට් කමින්ස් පන්දු 12කින් වේගවත් ලකුණු 33ක් ලබා ගත්තා.පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට්, ජේම්ස් පැටින්සන්, ජස්ප්‍රිට් බුම්රා සහ රාහුල් චහාර් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.
තරගයේ වීරයා රෝහිට් ෂර්මා.
තරගයේ විශේෂ අවස්ථා පහතින් –
News Source :- Hit Wicket