“කොරෝනා ඇතුව හරි නැතුව හරි උතුරු කොරියාවට ගියොත් වෙඩි” – හැකර්වරුන්ගේ අධිරාජ්‍යයක් වුනු, බල්ලෝ මරලා වේලක් කන්න කියන, ඒකාධිපති කිම් ජොන්ගේ, භයානක සෙල්ලම් රැසක් එළියට

2
330
North Korea President News Sinhala
North Korea President News Sinhala

ලෝකයක් මිසයිලයෙන් බියවැද්දූ මේ වියරු පාලකයා උතුරු කොරියාව තම අණසකට යටත් කරගනිමින් සිටින්නේ තමන්ටම ආවේණික නීති රීතින්ද නිර්මාණය කරගනිමින්.

පසුගිය සමයේ (කොරෝනා ලෝකය අත්පත් කරගනිමින් සිටි දවස්වල.) මේ පාලකයා ගැන වැඩිපුරම කතා කළේ, ඔහු හදිසියේ අස්ථානගත වීම නිසයි. ඒ අනුව ඔහු “මියගියා” එසේත් නැත්තම් “කොරෝනා වැළඳුණා” කියන මතයක් එළියට ආවා.

ඒ මතයන් බොරු කරමින් ටික දවසකට පස්සේ ඔහු මාධ්ය ඉදිරියේ පෙනී සිටියා. එහි ඡායාරූපත් විදෙස් මාධ්ය විසින් වාර්තා කර තිබුණා.හොඳයි.. මේ දේවල් ඇරුණුකොට උතුරු කොරියාව ගැන ඔබ මොනවද දන්නේ? කවුරුත් දන්න විදිහට උතුරු කොරියාව කියන්නේ අපිට දකින්න පේන තියෙන විදිහේ “රටක් රාජ්යයක්” නෙවෙයි.

ඔබට ඇමරිකාවේ ජනාධිපතිට එරෙහිව වීදි බසින්න පුළුවන් වුණත්, උතුරු කොරියාවේදී ඔබට අර කිම් ජොන් කියන හාදයාව වන්දනාමාන කරන්න වෙනවා. (ඒ වෙනුවෙන්ම එහේ එයාලගේ පිළිමත් හදලයි තියෙන්නේ.)

කිම් ජොන්ගේ සටකපට වැඩ ගැන මුලින්ම හෙළිදරව් වෙන්නේ 2004 වසරේදී. චීනයට අයත් භාණ්ඩ නැවක තිබිලා එෆ්බීඅයි නිලධාරින් විසින් සොයාගන්නා මුදල් නෝට්ටු කිහිපයක් තමයි මේ කතාවට මුල් වෙන්නේ.

මේ “හොර ඇමරිකානු නෝට්ටු” නිර්මාණය කිරීම සිද්ධ කරලා තියෙන්නේ උතුරු කොරියාව විසින් බව හොයාගන්න නිලධාරින් සමත් වුනා වුණත්, උතුරු කොරියාව සූක්ෂම විදිහට මේ දෙයින් පලා යනවා. (ඒ කියන්නේ එයාලා මේකට සම්බන්ධයක් නෑ කියන එක.)

ඔවුන් විසින් මීට අදාළ සාක්ෂි එහෙමත් සඟවනවා. ඒ වගේම තමයි උතුරු කොරියාව අයිස්, හෙරොයින් ආදි මත්ද්ය ජාවාරමුත් ගජරාමේට සිද්ධ වෙන තැනක්ලු. බොහෝ වෙලාවට උතුරු කොරියානු හමුදාවට නින්ද නොයෑමට ‘අයිස්’ මත්ද්ය දෙන බව තමයි කියන්නේ. විවිධ අපරාධ කල්ලිවලට මුදල් ලබා දෙමින්, අවිආයුධ ලබා දෙමින් උතුරු කොරියානු වියරු පාලකයා මහා භයානක සෙල්ලමක් ලෝකයට හොරෙන් සිදු කරනවා.

ඒ වගේම උතුරු කොරියාව හැකර්වරුන්ගේ අධිරාජයක් කියලත් සාක්ෂි තියෙනවා. උතුරු කොරියානු ජනතාව අපිට පේන තරම්ම වත් පොහොසත්කම් වලින් යුක්ත අය නොවේ. දවසකට එක වේලක් කන අයත් මේ රටේ ඉන්නවා. පසුගිය දිනෙක උතුරු කොරියානු නායකයා “බල්ලෝ මරලා ආහාර ගන්න” කියන්නෙත් මෙන්න මේ වගේ තත්ත්වයක් තිබියදී..

ඒ කියන්නේ හදිසියේ හරි උතුරු කොරියාවට ඔබ යන්න හිතනවා නම්.. කවදමහරි…අමතක කරලා දාන්න! ඒක හරියට අපායට ගියා වගේ තියෙයි…

News Source :- Hiru Gossip

 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here