පළමු ශ්‍රේණියේ දැරියන් සිව් දෙනෙකුට අහස පොළොව නුහුළන අපරාධයක් සිදු කළ උපකාර පංති ගුරුවරයාට සිදු වූ දේ මෙන්න

0
188
Sri Lanka Tuition Master Raped Children
Sri Lanka Tuition Master Raped Children

වලස්මුල්ල – කිරම ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වූ පළමු ශ්‍රේණියේ දැරියන් සිව් දෙනෙකු අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.දරුවන්ගේ දෙමාපියන් විසින් ගුරුවරයාට පහරදී පොලීසියට භාරදී තිබූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙම උපකාරක පන්ති ගුරුවරයා විසින් කිරම ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක් තුළ කලක සිට මෙම උපකාරක පන්තිය පවත්වාගෙන ගොස් තිබුණා.ඔහු ඊයේ එම ස්ථානයට පැමිණි අවස්ථාවේ දෙමාපියන් විසින් පහරදී අල්ලා ගෙන පන්තිය ඉදිරිපිට බැඳ දැමීමට කටයුතු කර තිබුණා.

සැකකාර ගුරුවරයා ජංගම දුරකථනයේ තිබී අපයෝජන සිද්ධීන් වලට අදාළ වීඩියෝ කිහිපයක් ද දෙමාපියන් සොයා ගෙන තිබෙනවා.මේ පිළිබඳව දෙමාපියන් වලස්මුල්ල පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව එහි පැමිණි පොලිස් නිලධාරින් විසින් අදාළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පහරකෑමෙන් බරපතල තුවාල ලබා සිටි ඔහු වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

පසුව අනාවරණ වුණේ සැකකරු අගුණකොලපැලැස්ස – හැලේකඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙකු බවයි.අපයෝජනයට ලක්වූ බව කියන දැරියන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි.

එසේම, 8 හැවිරිදි බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ විත්තිකරුවෙකුට දකුණු පළාත්බද මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක, අද බරපතල වැඩ සහිත වසර 20 ක සිර දඬුවමක් නියම කර තිබුණා.

මේ අතර, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ සිසුවෙකු ගුරුවරයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කරගෙන එම පාසලේ ගුරුවරුන් අද වර්ජනයක නිරත වුණා.

News Source :- Hiru Gossip

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1