බොලිවුඩයම ගිනි ඇවිලූ සුශාන්ත් සිං ගේ මරණය සිදු වූ හැටි ගැන වෙනස්ම කතාවක් එළියට – සුපිරි නළු ශාරුක්ට හා අමිතාබ්ටත් විමර්ශන නිලධාරින්ගේ ඇස යොමු වෙයි – දීපිකාට නොතීසි

0
181
Sushant Singh Sinhala News
Sushant Singh Sinhala News

හින්දි සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ සුශන්ත් සිං රාජ්පුත්ගේ දිවිනසාගැනීම සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ මේ වනවිට මත්ද්‍රව්‍ය පිළිබඳ විමර්ශන බවට පෙරළි ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.හින්දි සිනමාවේ ප්‍රවීණ සහ ජනප්‍රිය නළු නිළියන් රැසකට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි ඉන්දීය මත්ද්‍රව්‍ය පාලනය අධිකාරිය සඳහන් කරන්නේ.

ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් සහ ෂාරුක් ඛාන් වෙතද නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.රකූල් ප්‍රීත් සිං, ශ්‍රද්ධා කපූර්, දීපිකා පදුකෝන්, සාරා අලි ඛාන් නළුනිළියන් ප්‍රශ්න කිරීම සඳහා මත්ද්‍රව්‍ය පාලන අධිකාරියට කැඳවීමට නියමිතයි.Sushant Singh Sinhala News

දිවි නසාගත් සුශන්ත් සිං රාජ්පුත් පිළිබඳව අමිතාබ් බච්චන්, රන්වීර් සිං, ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් ආදී බොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිත පවා වචනයකුත් සඳහන් නොකිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.ඔවුන් ට්විටර් ගිණුම්වල සෑම දිනකම යමක් සඳහන් කෙරෙන නමුත්, මේ පිළිබඳව නිහඬ බවක් පළ කර ඇතැයි ඔවුන් පැවසුවා.

කරීනා කපූර්, ජාන්වී කපූර්, අනන්‍යා පාණ්ඩේ, ෂාහිඩ් කපූර් වැනි නළු නිළියන් පවා මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැතැයි ඔවුහු සඳහන් කරනවා.මේ අතර… සුපිරි බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන්ට ඉන්දියාවේ මත්ද්‍රව්‍ය මර්දන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇති බව වාර්තා වනවා.

ඒ, සියදිවි නසාගත් සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී හෙලිවූ තොරතුරකට අනුවයි.මත්ද්‍රව්‍ය භාවිත කරන බොලිවුඩ් රංගන ශිල්පීන් අතර ඇයගේ නමද ඇතුළත් වී තිබීම හේතුවෙන් මෙලෙස ඇයට නොතීසි නිකුත් කිරීමට හේතුවයි.

හෙට දිනයේ දීපිකා පදුකෝන් මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ පෙනී සිටීමට නියමිතව ඇති අතර, එහිදී ඇයට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට මුම්බායි පොලීසිය කටයුතු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

News Source :- Hiru Gossip

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0