වායුගෝ­ලීය ගුණා­ත්මක බවින් දකුණු ආසි­යාවේ ඉහ­ළම රට ශ්‍රී ලංකා­වයි..

0
233
world best country to live in 2020
World Best Country to Live in 2020

දකුණු ආසි­යාවේ වායු­ගෝ­ලීය ගුණා­ත්මක බව ඉහ­ළම රට ලෙස ශ්‍රී ලංකාව නම් කැර ඇත. අමෙ­රි­කානු යේල් සහ කොළො­ම්බියා විශ්ව­වි­ද්‍යා­ල­වල පර්යේ­ෂ­ක­යන් නිකුත් කරන ලද 2020 පාරි­ස­රික කාර්ය­සා­ධන දර්ශ­ක­යට අනුව දකුණු ආසි­යානු රට­වල් අභි­භවා ඉහ­ළම වායු­ගෝ­ලීය ගුණා­ත්ම­ක­තා­වක් සහිත රට බවට ශ්‍රී ලංකාව නම් කැර තිබේ.

වසර 22ක් මුළුල්ලේ පර්යේ­ෂණ ප්‍රති­ඵල ප්‍රකා­ශ­යට පත්ක­රන මෙම පාරි­ස­රික කාර්ය­සා­ධන දර්ශ­කය ගෝලීය පාරි­ස­රික ප්‍රති­පත්ති විශ්ලේ­ෂ­ණයේ ප්‍රමු­ඛ­තම විද්‍යා­ත්මක ක්‍රම­වේ­දය බවට පත්ව ඇත. මෙම දර්ශ­කය මඟින් පාරි­ස­රික සෞඛ්‍යය හා ජෛව පද්ධති වැද­ග­ත්කම ආදී ගැටලු ගණ­නා­වක් ආව­ර­ණය වන පරිදි රට­වල් 180ක් ශ්‍රේණි­ගත කෙරේ.

එම දර්ශ­ක­යට අනුව ශ්‍රී ලංකාව පාරි­ස­රික කාර්ය සාධ­නය අතින් ලොව 109 වැනි ස්ථානයේ පසු­වන අතර, ශ්‍රේණි­ගත කිරී­මට අදාළ ලකුණු 100න් 39ක් රැස් කර ගෙන සිටී. සෙසු දකුණු ආසි­යා­තික රට­වල් හා සැස­ඳී­මේදී එය ඉහළ තත්ත්ව­යකි.

මෙම දර්ශ­කය යටතේ ඒ ඒ රට­වල වායු­ගෝ­ලීය දූෂ­ණය, මිනිස් සෞඛ්‍ය­යට බලපා ඇති ආකා­රය මැන බලයි. එනම් PM2.5 සඳහා නිරා­ව­ර­ණය, ගෘහස්ථ ඉන්ධන සහ ඕසෝන් විය­නට නිරා­ව­ර­ණය යනු­වෙන් ඊට අදා­ළව දර්ශක තුනක් පිහි­ටුවා තිබේ. 2020 පාරි­ස­රික කාර්ය­සා­ධන දර්ශ­කයේ වායු­ගෝ­ලීය ගුණා­ත්ක­භා­වය අතින් ලොව 91 වැනි ස්ථාන­යට ශ්‍රී ලංකාව පත්ව තිබේ. එහිදී ඉකුත් වසර 10 පුරා­ව­ටම දකුණු ආසි­යානු කලා­පයේ රට­වල් අතර වායු­ගෝ­ලීය ගුණා­ත්මක බව අතින් ධනා­ත්මක වර්ධ­න­යක් අත්කර ගැනී­මට ශ්‍රී ලංකාව සම­ත්වීම සුවි­ශේෂී වේ.

වායු­ගෝ­ලීය ගුණා­ත්මක බව අතින් බහු­ත­ර­යක් සෙසු දකුණු ආසි­යානු රට­වල් ඉතා පිටු­ප­සින් සිටින අතර බංග්ලා­දේ­ශය, ඉන්දි­යාව සහ පාකි­ස්ථා­නය පිළි­වෙ­ළින් 166, 179 හා 180 යන ස්ථාන හිමි කැර ගෙන සිටී. එනම් මිලි­යන ගණ­නක් ජන­තාව වායු දූෂ­ණයේ අන්ත­රා­දා­යක ප්‍රති­ඵල විවිධ මට්ට­ම්ව­ලින් භුක්ති විඳින බව පෙනී­යයි.

ශ්‍රී ලංකාවේ වායු­ගෝ­ලීය ගුණා­ත්මක භාවය දියු­ණු­වී­මට බලපෑ ප්‍රධාන හේතු­වක් ලෙස වාහන දුම් පරී­ක්ෂණ වැඩ­ස­ට­හන හඳුන්වා දිය හැක. වායු­ගෝ­ලීය ගුණා­ත්මක බව වැඩි කිරීම වෙනු­වෙන් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය දුන් තීන්දු­වක් අනුව යමින් 2008 වස­රේදී මෙම වැඩ­ස­ට­හන ආරම්භ විය. ඒ අනුව වාහන පරීක්ෂා කිරී­ම­ටත්, දුම් පරී­ක්ෂණ සහ­තික නිකුත් කිරී­ම­ටත් ක්ලීන්කෝ ලංකා පෞද්ග­ලික සමා­ගම හා ලාෆ්ස් ඉකෝ ශ්‍රී, පුද්ග­ලික සමා­ගම යන ආය­තන දෙක තෝරා ගැනුණි.

වර්ත­මා­නය වන­විට අධික ලෙස දුම් පිට­ක­රන වාහන හඳුනා ගැනී­මට මෙන්ම, වායු­ගෝ­ලීය ගුණා­ත්මක භාවය දියුණු කිරී­මට (විශේ­ෂ­යෙන්ම නාග­රික ප්‍රදේ­ශ­වල) මෙම දුම් පරී­ක්ෂණ වැඩ­ස­ට­හන ඉතා­මත් ඵල­දායී වී තිබේ. එනම් යතු­රු­පැදි, ත්‍රීරෝද රථ හා පුද්ග­ලික වාහන ඇතුළු මෙරට සමස්ත වාහන ප්‍රමා­ණය මිලි­යන 5.6ක් දක්වා වර්ධ­නය වන­විට, සමස්ත වායු විමෝ­ච­නය ස්ථාවර මට්ට­මක පවත්වා ගැනී­මට මේ හරහා හැකි වී ඇත.

කලා­පයේ සෙසු රට­වල් හා සැස­ඳී­මේදී, වායු­ගෝ­ලීය ගුණා­ත්මක බව හොඳින් පවත්වා ගැනීම තුළ වායු දූෂ­ණය හා බැඳුණු රෝගා­බාධ හා වෙනත් සෞඛ්‍ය­මය සංකූ­ලතා මඟ­හ­රවා ගැනී­මට ද ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ වායු­ගෝ­ලීය ගුණා­ත්මක භාවය තව­දු­ර­ටත් ඉහළ නංවා­ගැ­නීම සඳහා කළ යුතු දෑ රැසකි. එ් අනුව වාහන දුම් පරී­ක්ෂ­ණයේ ප්‍රයෝ­ජන හා වාහන නිෂ්පා­ද­ක­යන් අනු­මත නොක­රන ඉන්ධන වර්ග පිළි­බඳ මහ­ජ­න­තාව දැනු­වත් කිරීම මෙන්ම දුම් පරී­ක්ෂාව හරහා වාහන නඩ­ත්තු­වේදී ලැබෙන ප්‍රති­ලාභ සහ වැද­ග­ත්කම පිළි­බඳ වාහන හිමි­යන් තුළ ධනා­ත්මක ආක­ල්ප­යක් ගොඩ­නැ­ඟීම ආදිය කළ යුතුව පවතී.

ඉහළ ඉන්ධන කාර්ය­ක්ෂ­ම­තා­වක් සඳහා වාහ­න­වල කාර්මික තත්ත්වය නිර­න්ත­ර­යෙන් අධී­ක්ෂ­ණය කිරී­මත්, වාහන පැද­වීමේ රටාව හා වාහන ගම­නා­ග­ම­නය පිළි­බඳ අධ්‍ය­ය­නය කිරීම හා එහි වෙන­ස්වීම් සිදු­කි­රී­මත් තුළින් ශ්‍රී ලංකා­වට තව­දු­ර­ටත් ඉහළ වායු­ගෝ­ලීය ගුණා­ත්මක භාව­යක් ළඟා කැර ගැනී­මට හැකි­වනු ඇත.

News Source :- Lanka Telegraph 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0