බොලිවුඩය යළිත් කළඹමින්, දිවිනසා ගත් සුපිරි නළුවා ගෙළ සිරකර මරා දැමූ බව හෙළි වෙයි? – වෝහාරික පරික්ෂණ-වලින් එළියට ආපු දේ

0
221
Sushant Singh Rajput Killed?
Sushant Singh Rajput Killed?

දිවි නසාගත් බවට ප්‍රකාශ වූ ඉන්දීය සිනමා නළු සුෂාන්ත් සිං රාජ්පුත් ගෙළ සිරකර මරා දමා ඇති බවට වෝහාරික පරික්ෂණවලින් තහවුරු වී ඇතැයි ඔහුගේ පවුලේ නීතීඥ විකාස් සිං පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මුම්බායි පොලීසිය ඒ පිළිබඳව අවධානයක් යොමු කර නොමැති බවයි.රාජ්පුත් දිවි හානිකරගෙන ඇති බව ප්‍රකාශ වුවත්, ඔහු ගෙළ සිර කර මරා දමා ඇති බවට සාක්ෂි පවතින්නේ යැයි ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු තමා වෙත පැවසූ බවද විකාස් සිං වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ නමුත් මරණ පරීක්ෂණ ප්‍රතිඵල සහ මුම්බායි පොලීසිය පවසන අන්දමට පසුගිය ජූනි 14 වනදා සුෂාන්ත් සිං රාජ්පුත් සිය නිවහනේදී දිවි හානිකරගෙන ඇති අතර ඔහු මානසික අවපීඩනයෙන් පෙලුනු තැනැත්තෙක්.

එමෙන්ම රාජ්පුත්ට මත්ද්‍රව්‍ය සැපයූ බවට චෝදනා කරමින් ඔහුගේ අවසන් කළ පෙම්වතිය වූ රියා චක්‍රබෝර්ති සහ ඇගේ සොහොයුරු ෂෝවික් ඇතුලු 15 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

මේ අතර බොලිවුඩයේ සුපිරි තරු රැසක්ම මත්ද්‍රව්‍ය ගැන සිදුකරන විමර්ශන සඳහා කැඳවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. මීට හේතුව වූයෙ සුශාන්ත්ගේ පෙම්වතියගේ දුරකථනයේ තිබූ වට්ස්ඇප් සංවාදයි. පසුගිය දිනෙක සුපිරි නිළි දීපිකාටද නොතීසි නිකුත් වුනේ මේ හේතුව නිසායි.

News Source :- Hiru Gossip 

Sushant Singh Sinhala News

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3