බොලිවුඩය රත් කරමින් වට්ස්ඇප් පණිවුඩ තොගයක්ම එළියට – මත් වසංගතයේ ප්‍රධාන මහ මොළකාරිය දීපිකා පදුකෝන්ලූ – ශාරුක් ඛාන්, රන්බීර් කපූර්, අර්ජුන් රාම්පාල්ගේ නමුත් ලැයිස්තුවේ – Photos

0
452
Deepika Padukone Latest News
Deepika Padukone Latest News

දීපිකා පදුකෝන් ගෙන් පැය හයක් තිස්සේ කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළි වූ දේ…

රියා ඇතුළු පිරිසක් තවමත් පොලිස් අත්අඩංගුවේ..

බොලිවුඩ් තිරයේ සුපිරි නළුවන් වන ශාරුක් ඛාන්, රන්බීර් කපූර්, අර්ජුන් රාම්පාල් සහ ඩීනෝ මෝරියා යන පුද්ගලයින් බොලිවුඩයේ මත්ජාවාරම මෙහෙයවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ජනප්‍රිය නළු ෂුශාන්ත් සිංග් රාජ්පුත් සියදිවි හානි කර ගැනීමෙන් පසු ඔහුගේ පෙම්වතියව සිටි රියාර් චක්‍රබෝර්තිගේ ජංගම දුරකථනය හරහා හුමවාරුව ඇති පණිවුඩ ඔස්සේ ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය මෙහෙය වූ විමර්ශන අනුවයි.

බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පදුකොන් සමඟ සමීප සබඳතා පැවැත්වූ සුපිරි නළුවන් තිදෙනෙකු විසින් බොලිවුඩයේ මත් ජාවාරම මෙහෙයවා ඇති බවට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

එම සුපිරි නළුවන් තිදෙනාගේ නම් මෙතෙක් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශයට පත්කර නැති අතර ඔවුන්ගේ නම්වල මුල් අකුරු පමණක් ඊයේ නිවේදනය කළා.

ඒ අනුව, S, R සහ A යන අක්ෂරවලින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නාමයන් ආරම්භ වන අතර ඉන්දීය ඒ.බී.පී. ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ සුපිරි ඉන්දීය නළු ශාරුක් ඛාන්, රන්බීර් කපූර්, අර්ජුන් රාම්පාල් මෙන්ම ඩිනෝ මොරියා යන බොලිවුඩ් තරු මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානතම මහ මොළකරුවන් වන බවයි.

ඉකුත් ජූනි මාසයේදී ඉන්දීය ජනප්‍රිය නළු සුශාන්ත් සිං රාජපුත් සිය දිවි හානි කර ගැනීමෙන් පසු ඔහුගේ පෙම්වතියව සිටි රියා චක්‍රබෝර්ති අත්අඩංගුවට පත්වූයේ සුශාන්ත්ගේ පියා විසින් චෙන්නායි පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

ඒ අනුව ඇයගේ වට්ස් ඇප් ගිණුම හරහා හුව මාරු වී ඇති පණිවුඩ ඔස්සේ පරීක්ෂණ කළ ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ඇයගේ සොහොයුරා ඇතුළු 20 දෙනෙක් අත් අඩංගුවට ගත්තා.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේයි ඉන්දිය සුපිරි නිළි දීපිකා පදුකොන් , සාරා අලි ඛාන්, මෙන්ම ශ්‍රද්ධා කපූර්ට මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම් කිරීම ගැන චෝදනා එල්ල වූයේ.

පැය 6කට අධික කාලයක් දීපිකා පදුකොන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, සිය දිවි හානි කරගත් සුශාන්ත් සිං රාජ්පුත් මත්ද්‍රව්‍ය භාවිත කරන බව තමන් දැක තිබූ බව ඇය සඳහන් කර තිබෙනවා.

මේ වන විට අත්අඩංගුවේ පසුවන සියලු දෙනාගේ ජංගම දුරකථන හරහා හුවමාරුව ඇති වට්ස්ඇප් පණිවුඩ තුළින් මෙම මත් වසංගතයේ ප්‍රධාන මහ මොළකරුවන් හඳුනාගෙන ඇති අතර වට්ස් ඇප් හරහා එය මෙහෙයවා ඇති ප්‍රධානියා බවටයි දිපිකා පදුකොන්ට චෝදනා එල්ලවන්නේ.

ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ඉදිරියේදි මේ සම්බන්ධයෙන් බිහාර් මහාධිකරණයට කරුණු දැක්විමට නියමිත බවයි.

News Source :- Hiru News 

Sajana Wanigasuriya Wedding

What’s your Reaction?
+1
1
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0