බිරිඳ සමග නොරොක් වී ශ්‍රවණාබාධිත තරුණයා කරගත්ත දේ….

0
225
Sinhala Latest News Today
Sinhala Latest News Today

ඊයේ (30 වැනිදා) සවස 1.30ට පමණ යටියන්තොට ගරාගොඩ පාලම මතින් කැලණි ගඟට පැන තම දිවි තොර කර ගැනීමට තැත් කළ තරුණයකු එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි මුස්ලිම් තරුණයන් දෙදෙනකු ගඟට පැන බේරාගෙන තිබේ.

තම දිවි තොර කර ගැනීමට තැත් කළ පුද්ගලයා එක්දරු පියෙකි. යටියන්තොට වී ඔය පදිංචි 35 හැවිරිදි මෙම පුද්ගලයා ශ්‍රවණාබාධිතයකු වන අතර ඔහු තම බිරිඳ සමග ආ රවුලක් ඇතිවී නිවසින් පිටව ගොස් තිබේ.

එම පුද්ගලයාගේ මවද මොහු පසුපසින් පැමිණ ඇති අතර, ගරාගොඩ පාලම මතින් ගමන් කරමින් සිටි මොහු එක්වරම කැලණි ගඟට පැන තිබේ. එම අවස්ථාවේ එම ස්ථානයෙන් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි මොහොමඩ් ආරිස් සහ මොහොමඩ් අලහක් නමැති තරුණයන් දෙදෙනාට එම පුද්ගලයාගේ මව පාලම මත සිට විලාප දෙන ආකාරයත් තම දිවි තොර කර ගැනීමට උත්සාහ කළ පුද්ගලයා ගඟ පහළට ගසාගෙන යන ආකාරයත් දැක තිබේ.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටමද ඉහළ ගොස් ඇතත්, ඒ පිළිබඳව හෝ අවධානය ​යොමු ​නොකළ මෙම තරුණයන් ගඟ දිගේ පහළට දිව ගොස් ගඟට පැන ගසාගෙන යන අය බේරා ගෙන තිබේ.

ඒ වන විටත් සිහිමුර්ජා තත්ත්වයෙන් සිටි එම පුද්ගලයාට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීමෙන් පසුව මෙම තරුණයන් ඔවුන්ගේම ත්‍රිරෝද රථයෙන් ගෙන ගොස් ‌රෝහල්ගත කර ඇත. ඔහු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව කරවනැල්ල රෝහලේ ප්‍රකාශකයකු පැවැසීය.

මෙම සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ මොහොමඩ් හාරිස්. අපි ත්‍රිරෝද රථයකින් ගමනක් යමින් සිටියේ. අපි දැක්කා කාන්තාවක් ගඟ දිහා බලමින් කෑ ගසනවා. අපි ඇහුවා ඇයි කෑ ගහන්නේ කියලා. අනේ පුතේ මගේ දරුවා ගඟට පැන්නා කියලා ඇය විලාප දුන්නා.

පස්සේ අපි ගඟ දිහා බලද්දි දැක්කා පුද්ගලයෙක් උඩ මතුවෙමින්, යට යමින් ගඟ පහළට ගසාගෙන යනවා. අපි පුළුවන් ඉක්මනට ගඟ ඉවුර දිගේ පහළට දිව්වා. වතුර ගොඩක් වැඩි තමා. ඒ වුණාට ඒ ගැන කල්පනා වුණේ නැහැ.

ගඟට පැනලා ගහගෙන යන කෙනා ළඟට පීනුවා. කො​හොම හරි එයාව ​බේරගෙන ​ගොඩට ඇදගෙන ආවා. සිහිකල්පනාව තිබ්බේ නැහැ. පස්සේ අපි එයාට දන්න විදිහට ප්‍රථමාධාර දුන්නා. පස්සේ සිහිය ආවා. අපි එයාව කරවනැල්ල රෝහලට ඇතුළත් කළා. අපිට ඇත්තටම අපේ ජීවිත ගැනවත් කල්පනා වුණේ නැහැ. අපිට හරි සතුටුයි මොනවා වුණත් නැතිවෙන්න ගිය ජීවිතයක් බේරගන්න පුළුවන් වීම ගැන.

Sajana Wanigasuriya Wedding Photos 

News Source :- Web Gossip 24

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0