Bollywood Latest News in Sinhala
බොලිවුඩ් චිත්‍රපට කේෂත්රයේ නළු නිළියන්ගෙන් සියයට 80 ක් මත්ද්‍රව්‍ය භාවිත කළ බව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය සිදු කළ විමර්ශනයෙන් හෙළි වී තිබෙනවා.
මේ නිසා සුපිරි නළු නිළියන් 25 ක් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගනු ලැබූ රිහි චක්රබෝති නිළිය මෙම තොරතුරු හෙළි කර තිබෙනවා.
සාරා අලිකාන් ප්රින්සිං සැලසුම් ශිල්පිනි සිටෝනේ කහම්බටා මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවද ඇය තවදුරටත් අනාවරණය කර ඇති බව සඳහන්.
මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී ඇති සාරා අලිකාන් යනු සුපිරි නළු සයිෆ් අලිකාන්ගේ දියණියයි.
මේ අතර 2019 ජුලි 10 දා ප්‍රකට නළු කැරන් ජෝහාර්ගේ නිවසේ පැවැති මත්ද්‍රව්‍ය සාදයක් ගැනද තොරතුරු හෙලි වී තිබෙනවා.
බොලිවුඩ් නළු නිළියන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන වැඩිදුරටත් තොරතුරු හෙළි වී ඇත්තේ වට්ස්ඇප් අඩවිය ඔස්සේ සිදු කළ කතා බහ වලිනුයි.
මෙම තොරතුරු තවදුරටත් හෙළි වූයේ රිහි චක්රබෝතිගේ ජංගම දුරකථන මධ්‍ය නාශක ඒජන්සිය අත්අඩංගුවට ගැනීමත් සමඟයි.
එහි වට්ස්ඇප් ජාලයට සම්බන්ධ නළුනිළියන්ගේ සම්බන්ධතා තිබූ බවද හෙළි වුනා.
ඒ අතර ප්‍රකට නිළි කරිෂ්මාගේ වට්ස්ඇප් සම්බන්ධතාවයද තිබූ බවද අනාවරණය වී තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය සිද්ධිය බොලිවුඞඩ් චිත්‍රපට ජාලයම දැඩි ආන්දෝලනයකට ලක් කර ඇති අතර පුවත්පත් විසින් තොරතුරු රැසක් හෙළි කර ඇතත් මත්ද්‍රව්‍ය නාශක අංශය සෘජුවම ජාවාරමට සම්බන්ධ සුපිරි නළු නිළියන් කවුදැයි මෙතෙක් අධිකරණයට තොරතුරු ගොනු කර නැහැ.
මෙම ලිපියේ උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්..
Sajana Wanigasuriya Wedding Photos
News Source :- Hiru Gossips
What’s your Reaction?
+1
+1
+1
+1
2
+1
5
+1
+1