හොරට ගෙනා කෝටි 1000ක් වටිනා සැප වාහන 300 ක් රාජසන්තකයි

0
271
Vehicle Import Sri Lanka
Vehicle Import Sri Lanka

නීති විරෝධීව මෙරටට ගෙන්වා ඇති රුපියල් කෝටි 1000 ක් පමණ වටිනා අධිසුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්තක කිරිමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

රජයේ සේවකයින්ට ලබා දී ඇති තීරු බදු රහිත වරදාන යටතේ ආනයනය කර ඇති වාහන ද මේ අතර වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

රුපියලේ අගය ස්ථාවරව පත්වාගෙන යාමේ අරමුණින් රජය ගත් විවිධ පියවර අතර භාණ්ඩ විශාල සංඛ්‍යාවක් ආනයනය සීමා කිරීමට රජය නියෝග කර තිබූ බවත් පසුගිය කාල සීමාව තුල රේගුව මේ පිළිබඳ විමසිලිමත්ව සිටි බවත් එහි ප්‍රතිපලයක් ලෙස මෙය අනාවරණය කරගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

දීපිකා ප්‍රසිද්ධියේ හඩා වැටෙයි

News Source :- Mawbima 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2