ගම්පහින් හඳුනාගත් කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා – අලුත්ම තත්ත්වය මෙන්න

0
227
Coronavirus Latest News Sri Lanka
Coronavirus Latest News Sri Lanka

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත ඇඟලුම් සේවිකාවගේ 16 හැවිරිදි දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ, අද සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදීයි.

ඒ අනුව මේ වන විට හඹරාදූව නිරෝධායනය මධ්‍යස්ථානයේ රදවා සිටින ඇයව කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

News Source :- Hiru News

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0