දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා වැළඳී ඇති බව හෙළි වෙයි – වෛරසය ආසාධනය වී ඇති බව මෙතෙක් ගැටළුවක් බව සෞඛ්‍ය අංශ කියයි

0
261

Divulapitiya Corona Women

දිවුලපිටියේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

එම කාන්තාව මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී රෝගය සුවවී නිවසට යවන අවස්ථාවේදී සිදුකළ PCR පරික්ෂනයකින් ඇයට කොවිඩ් 19 ආසාදිතයෙක් බවට හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු පමණ සහ එම කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 40 දෙනෙකු පමණ මේ වන විට නිවාස නිරෝධායනයට ලක් කර ඇති බව සඳහන්.

තවදුරටත් ආශ්‍රීතයින් සිටින අතර එම කාන්තාවට කොවිඩ් 19 ආසාදනයවූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් පවතී.

මෙම ආශ්‍රිතයින් සම්බන්ධයෙන් ලැබෙන PCR පරීක්ෂණ ප්‍රථිපල මත තවදුරටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

  • මේ හේතුවෙන් මහජනතාවට නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සැලකිල්ලෙන් පසුවන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි,

Sajana Wanigasuriya Wedding Photos 

News Source :- Lanka Press

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0