ලෝක බලවතාගේ ජිවිතේ අනතුරේ ඉදිරි පැය 48 තීරණාත්මකයි

0
324
Donald Trump Coronavirus
Donald Trump Coronavirus

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කෙරුණු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව පරස්පර ප්‍රකාශ නිකුත් කෙරුණා.

ඔහු ඇතුළත් කෙරුණු වොෂිංටනයේ වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ප්‍රතිකාරවලට හොඳින් ප්‍රතිචාර දක්වන බවයි.

කෙසේ නමුත් ජනපති ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තීරණාත්මක දින ඉදිරියේදී එළඹෙනු ඇති බව ඉන් සුළු වේලාවකට පසු ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල ප්‍රධානි මාක් මෙඩෝස් සඳහන් කළා.

ඔහු කියා සිටියේ කොරෝනා වෛරසයට එරෙහි ජනාධිපතිවරයාගේ ප්‍රතිදේහ සටන ඉදිරි පැය 48 තුළ තීරණාත්මක වන බවයි.

මේ නිසා එය ඉතා අවධානයෙන් සිටිය යුතු අවධියක් ලෙස ඔහු හැඳින්වූවා.

මෙය, දැඩි පරස්පර විරෝධී ප්‍රකාශයක් වන්නේ ධවල මන්දිරයේ සිට හමුදා රෝහල වෙත නික්මීමට පෙර ඔහුට අතිරේක ඔක්සිජන් සැපයුමක් ලබාදුන් බව ධවල මන්දිර කාර්ය මණ්ඩලය මීට පෙර හෙළිදරව් නොකිරීම හේතුවෙන්.

කෙසේ නමුත් පසුව වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ සිට වීඩියෝ පටයක් නිකුත් කළ ජනපති ට්‍රම්ප් තමා, ප්‍රතිකාර ලැබීමෙන් පසු වඩාත් හොඳ තත්ත්වයක සිටින බවත්, ඉක්මනින්ම නැවතත් සාමාන්‍ය රාජකාරිවල නිරතවීමට හැකිවනු ඇති බවත් ප්‍රකාශ කළා.

විනාඩි හතරක් දිවෙන ට්‍රම්ප්ගේ වීඩියෝ පටය ඔහුගේ ට්විටර් ගිණුමට එක් කර තිබුණා.

ඇමරිකානු ධජය පසුබිම් කොටගත් රවුම් මේසයක් ඉදිරියේ හිඳ සිටි ඇමරිකානු ජනපතිවරයා එම ප්‍රකාශය සිදුකිරීමේදී විඩාවට පත්ව සිටි අයුරක් පෙනී යන්නේ යැයි විදෙස් වාර්තා සඳහන් කළා.

එමෙන්ම තමා ඉතා හොඳින් සිටින්නේ යැයි කිව නොහැකි බව පැවසූ ඇමරිකානු ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය සැබෑ පරීක්ෂණයක් වන බවත්, ඉදිරි දින දෙකේදී සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ අවධානයෙන් සිටින බවත් කියා සිටියා.

කෙසේ නමුත් නොවැම්බර් තුන්වනදාට යෙදී ඇති ජනාධිපතිවරණයේ සිය ප්‍රචාරක ව්‍යාපාරය සඳහා කඩිනමින් එක්වී එය අවසන් කිරීමට හැකිවනු ඇතැයි ජනපති ට්‍රම්ප් විශ්වාසය පළ කළා.

Sajana Wanigasuriya Wedding Photos 

News Source :- Hiru Gossips

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here