කොරෝනා ආසාදිත කාන්තාවක තහවුරුවීමත් සමඟ පොලිස් ඇඳිරි නීතිය පැනවෙන ප්‍රදේශ මෙන්න

0
456
Sri Lanka Curfew Update Today
Sri Lanka Curfew Update Today

Sajana Wanigasuriya Wedding Photos 

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳීරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.ඒ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමගයි.

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොරෝනා වෛරස් ආසාදිතයෙක් බවට හඳුනා ගැනුණු අතර ඇය මේවන විට අයි.ඩී.එච් රෝහලට ඇතුලත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.මෙම කාන්තාව උණ රෝගී තත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යන අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයකිනුයි කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු පමණ සහ එම කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 40 දෙනෙකු පමණ ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.

තවදුරටත් ආශ්‍රිතයන් හඳුනාගනිමින් සිටින අතර එම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් පවතින අතර එම ආශ්‍රිතයින් සම්බන්ධයෙන් ලැබෙන පරීක්ෂණ ප්‍රතිඵල මත තවදුරටත් අවශ්‍ය පියවර ගනු ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මෙම අවස්ථාවේදී ජනතාව වඩාත් සැලකිළිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

News Source :- Hiru Gossips

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0