සුපර්වයිසර්වරිය ඇසුරු කළ හැමතැනම ගිය මොණරාගල සේවිකාවට කොරෝනා

0
200
Diulapitiya Corana Updates
Diulapitiya Corana Updates
Diulapitiya Corana Updates

දිවුලපිටිය කෝවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මොණරාගලදි හඳුනාගත් කාන්තාවටද කෝවිඩ් 19 වැළඳී ඇතැයි ඒ සම්බන්ධයෙන් කළ පී.සී.ආර් පරීක්ෂණයේදි තහවුරු වු බව මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක වි.එන්.සි දසනායක මහතා පවසයි.

මැදගම බකින්ගහවෙල, පුබ්බාර දේවාලගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මෙම කාන්තාව, දිවුලපිටිය ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කම්හලේ සේවය කර තිබෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබේ.

ඉකුත් 02 දා නිවාඩු ලබා මොණරාගල නගරයට පැමිණ ඇති මෙම කාන්තාව එදින උදෑසන 8.00 සිට10.15 පමණ තෙක් මොණරාගල කචිචේරිය හංදිය, ඉරිදා පොළ, බස් නැවතුම්පොළ හා රාජ්‍ය බැංකුවක ගැවසී ඇතිබව ද විමර්ශනයකදි අනාවරණය කරගෙන ඇත. ඇය නිසා මොණරාගල පොකුරක් නිර්මාණය වෙනු ඇතිදැයි සෞඛ්‍ය අංශ අවධානයෙන් පසුවේ.

මෙම කාන්තාව උගුරේ අමාරුව, කැස්ස හා හිසරදය වැනි කොරෝනා වයිරසය ආසාදනය වීමේ ලක්ෂණ මතුවීමෙන් පසු ප්‍රතිකාර ලබාගැනීමට මොණරාගල මහ රෝහලට ඇතුලත් වී තිබියදී පීසී ආර් පරීක්ෂණය සිදු කර තිබුණි.

News Source :- Gossip Lanka News 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here