Brandix Corona Cluster
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ පෙර නොතිබූ භයානකත්වයක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ මෙම පොකුරෙන් හඳුනාගත් රෝගීන්ගේ වෛරස් සාන්ද්‍රණය ඉහළ මට්ටමක ඇති බව, වෛද්‍ය පර්යේෂණ ආයතනය තමන්ට ප්‍රකාශ කළ බවයි.
ඒ අනුව මෙරට තුළ මිට පෙර තිබූ කොරෝනා වෛරසයේ ස්වභාවය වෙනස් වී ඇතිද යන්න සෙවිය යුතු බවද එසේ වෛරසයේ ප්‍රබලත්වය වැඩිවී ඇත්නම්, එය භයානක බවද ඔහු සඳහන් කළා.
වෛද්‍ය හරිත අලුත්ගේ මෙම අදහස් පළ කළේ හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහනට අද(07) පෙරවරුවේ එක්වෙමින්.
News Source :- Hiru Gossips
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
2
+1
2