ගම්පහ ඇතැම් කොරෝනා ආසාධිතයන් රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කරයි – නීතිය කඩ කරන අයට දඬුවම් ලබා දෙන සෞඛ්‍ය ඇමතිවරිය කියයි

0
666
Sri lanka covid situation

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග ඔවුන්ව රෝහල් වෙත රැගෙන යාමට නිවෙස් වෙත ගිලන් රථ යොමු කළද ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑමට ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් මතුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියි.

”සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුල රෝගීන් හදුනා ගැනීම සදහා PCR පරීක්ෂණ සිදු කරනු ලබයි. එහිදී රෝගීන් බවට තහවුරු වූ පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙනයාම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබාදීමට පියවර ගෙන ඇත. නමුත් සමහර පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වේ.

ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සළකා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවෙස් වෙත යොමු කරනු ලබන ගිලන් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යාමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පව්ත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝගී ජනතාවගෙන් කරුණිකව ඉල්ලා සිටියි.

ප්‍රතිකාර සේවා සදහා යොමු නොවී මඟ හැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින්, එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් දන්වා සිටියි.”

News Source :- Lanka Press

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4