Tenisan Kure Memories
හාස්‍ය රංගනයෙන් රටක් හිනැස්සූ ආදරණීය ටෙනිසන් කුරේ නම් ප්‍රවීණ රංගන ශිල්පියා පසුගියදා සිය රසිකයින් මෙන්ම කලා ලොව හිතමිතුරන්ද හඬවමින් අවසන් ගමන් ගියා.
රිදී තිරයේ විවිධ චරිත මැවූ ටෙනිසන් කුරේ වඩාත් ජනප්‍රිය වූයේ රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ, “රෑ ඩැනියෙල් දවල් මිගෙල්” චිත්‍රපට පෙළෙන්.
එම චිත්‍රපට කිහිපයකම ඔහු බන්දු සමරසිංහ සමඟ රංගනයේ යෙදුනු අතරේ ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වුනා.මතකයන් රැසක් ඇති මේ අපූරු මිතුරන් දෙදෙනා මුලු ලෝකයක් හිනැස්සුවත් අද ඇත්තේ බන්දු පමණයි.
ටෙනීගේ අහිමිවීම ගැන බන්දු සමරසිංහ මුහුණු පොතේ සංවේදී සටහන් රැසක් පළකරා.මේ අතර ඊයේ දිනයට ටෙනී දැයෙන් සමුගෙන දින 9ක් ගෙවීම නිමෙත්තෙන් ඔහුගේ නිවසට ගොස් පවුලේ සුවදුක් බැලීමටද මේ අපූරු මිතුරා අමතක කළේ නැහැ.
අදාළ අවස්ථාව පහතින්….
“අදට මගේ සහෝදර කලාකරු Tennyගේ අභාවයට දින 9 වෙනුවෙන් මා ඔහුගේ දේහයට සහ ඔහුගේ පියාගේ දේහයට පහන් පත්තු කර ඔවුන්ගේ පවුලේ සුවදුක් විමසීමට ගිය මොහොත, මචංTenny අදින් පසු මාගේ රංගනයෙන් ඔබේ සහ මගේ ජනතාව සතුටු කරන්නට මට අවසර”
News Source :- Hiru Gossips