MS Dhoni Best Catch IPL
අයි.පී.එල්. තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 10 ක ජයක් ලැබීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා ක්‍රීඩකයින් නියමිත පන්දු වාර විස්ස අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 167 ක් රැස් කළා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 157ක් පමණයි.
කෙසේ වෙතත්, මෙම තරගාවලියේදී ප්‍රේක්ෂකයින්ගේ දැඩි විවේචන එල්ල වෙමින් සිටින ඉන්දිය කණ්ඩායමේ හිටපු නායක මෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක එම්.එස් දෝණි උඩුගුවනේ පියාසර කරමින් ගත් උඩ පන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහකට ලක්ව තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න…
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1