Brandix Corona Cluster Today Update
Gayan Gunawardhana Wedding Photos
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය සේවය කරමින් සිටියදී කොරෝනා ආසාදනය වූ තවත් සීයකට අධික ප්‍රමාණයක් ඊයේ රාත්‍රී වනතුරුත් රෝහල් වෙත පැමිණ නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
එම පිරිස් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.
මෙම කම්හලේ සේවකයන් සමාජයට නිරාවරණය නොවී අනිවාර්යෙන්ම රෝහල් හෝ නිරෝධායන මධ්‍යස්ථානවල පමණක් සිටිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
අදාල ආසාදිත පිරිස වහාම සමාජයෙන් ඉවතට ගැනීමේ මෙහෙයුම් සිදුකරන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.
එසේ සැගවී සිටි තවත් ආසාදිතයන් 400ක පමණ පිරිසක් ඊයේ දිනය තුල රෝහල් ගත වී ඇත.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1
2