Katunayake Covid Cluster
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි ඇඟලුම් කම්හලක තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.
ඒ අනුව, ඊයේ (09) සවස මෙම ඇඟලුම් කම්හලේ සේවකයන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර තිබූ අතර ඒවායේ ප්‍රතිඵල අද (10) සවස මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට ලැබී තිබුණි.
එම ප්‍රතිඵල වලට අනුව මෙම ඇගලුම් කම්හලේ සේවිකාවන් 02 දෙනෙකුට සහ සේවකයින් 09 දෙනෙකුට මෙම රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
News Source :- Derana News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1
1