සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කටුනායක, සීදුව, රද්දොළුගම හා ආඬිඅම්බලම යන ප්‍රදේශවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු වාර්තා වී ඇති බව සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර් මහතා සඳහන් කරයි.
ඉන් බහුතරය කටුනායක වෙළෙඳ කලාපයේ සේවකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ.
ආසාදිත බවට හඳුනාගෙන ඇති වෙළෙඳ කලාපයේ සේවකයින් ගණන 39ක් බව අප වාර්තාකරු පැවසීය.
සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද අලුතින් හඳුනාගත් ආසාදිතයින් අතර ආඬිඅම්බලම ප්‍රදේශයේ පාසලක දෙවන වසර සිසුන්ට ඉගැන්වූ ගුරුවරියක ද වෙයි.
එම හේතුවෙන් අදාළ පාසලේ සිසුන් ඇතුළු ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණ අද සිදුකර තිබේ.
News Source :- Derana News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
1
+1