කුරුණෑගල – මීගමුව ප්රධාන මාර්ගය ආසන්නයේ පන්නල, විරිදියාවත්ත ප්රදේශය ආසන්නයේ දී අද (12) උදෑසන කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.
එසේ ඝාතනය වී ඇත්තේ එම ප්රදේශයේ රාජ්ය බැංකුවක පිරිසිදු කිරීමේ සේවිකාවක් ලෙස සේවය කළ දෙදරු මවකි.
එම කාන්තාව ස්වාමියාගෙන් දික්කසාද වී දරුවන් සමග තනිව ජීවත්ව ඇති අතර, ඝාතනය සිදුකළ බවට සැකකරන දික්කසාද සැමියා නිතර ඇයට පහර දී කරදර කර ඇතැයි වාර්තා වේ.
ඒ හේතුවෙන් ඝාතනයට ලක්වු කාන්තාව පන්නල පොලීසියේ පැමිණි කිහිපයක් කර ඇති අතර, එයට උරණ ව සිටි එම පුද්ගලයා අද උදෑසන ඝාතනයට ලක්වු කාන්තාව රැකියාවට යන අතර මඟ රැක සිට මෙම ඝාතනය සිදුකර ඇත.
ඝාතනයට ලක්වු කාන්තාව සමග මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් පවසා සිටියේ, පවුල් ආරවුලක් නිසා තමා ඉදිරියට ගිය බවත් මද දුරක් ගොස් හැරී බලන විට ලේ තවරා ගෙන තම මිතුරිය බිම ඇදවැටී සිටි බවත්ය.
සැකකරු මේ වන විට ප්රදේශයෙන් පළා ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට පන්නල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.