රිෂාඩ්ව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 6ක්

0
228

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ බව තහවුරු කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලීසියට අද උපදෙස් දී තිබුණි.

එමෙන්ම මන්ත්‍රීවරයා ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක්  නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීම අද (13) දහවල් කොටුව මහෙස්‌ත්‍රාත් ලියනගේ මහතා විසින් ප්‍රතික්ෂේප කළේය.

එහිදී මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ වරෙන්තුවක් නොමැතිව මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි බවය.

News Source :- Derana News

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0