කඩුවෙල විනිසුරුගේ නිවස පෙට‍්‍රල් දමා ගිනි තියන්න හදයි..

0
535

කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් ඊ.එම්. හේමපාල මහතාගේ නිවසට ගිනි තැබීමට උත්සාහ දරන ලද සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විනිසුරුවරයා නිවසේ රැඳී සිටි අවස්ථාව බලා පෙට‍්‍රල් දමා ගිනි තැබීමට ඔවුන් උත්සාහ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඔවුන් පැමිණි යතුරු පැදියක් සහ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 17 වැනිදා මෙම සැකකරුවන් මහෙස්ත්‍රාත්වරයා ගේ නිවස ඉදිරිපිටට පෙට්‍රල් බූලියක් විසිකර ගිනි දල්වන ලද පන්දමක් එදෙසට විසිකර පලාගොස් තිබිණි.

නමුත් පන්දම පතිත වී ඇත්තේ පෙට්‍රල් විසිරුනු ස්ථානයට නොවීම නිසා ගිනි ගැනීමක් සිදු නොවුණු බව ද පොලීසිය සඳහන් කරයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
2