මාව හෝටලයකට එක්කගෙන ගියා.. නුවරත් ගියා…

0
145

පහළොස් හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් සැකපිට 27 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියක අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් පිරිමි දරුවාගේ මව විසින් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබිණි. මෙම පිරිමි දරුවා සැකකාරිය විසින් සිය නිවසේ පවත්වාගෙන ගිය බවට කියන උපකාරක පන්තියට යමින් සිට ඇත.

මේ මස 6 වැනිදා උපකාරක පන්තියට සහභාගි වූ පිරිමි දරුවා නිවසට නොපැමිණීම හේතුවෙන් එම දරුවාගේ මව උපකාරක පන්තිය පවත්වන නිවසට ගොස් තිබේ.එහි දී සැකකාරියගේ මව පවසා ඇත්තේ ඈ නිවසේ නැති බවය. ගුරුවරියත් පුතත් නැති බව දැනගෙන පොලිසියට ඒ සම්බන්ධව පැමිණිලි කළ බවත් පවසා ඇත. පසුව වහාම ක්‍රියාත්මක වූ වැලිගම පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාරිය විසින් පිරිමි ළමයා ලිංගික කටයුත්තක් සඳහා රැගෙන ගොස් ඇති බවය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here