නීති කැඩූ මාලිඟාවත්තේ ටියුෂන් පන්තියක, ගුරු – සිසු 30ක් නිරෝධායනයේ

0
253
Tuition Quarantine

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා නිවැරදි නිරෝධායන නිර්නායක සකස් කර ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට සිවිල් සමාජ ක්‍රියාකාරීන් 05 දෙනෙකු අද රිට් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එමඟින් ඔවුන් ඉල්ලා ඇත්තේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් ඇඟළුම් සේවක සේවිකාවන් ගැටලු බොහොමයකට මුහුණ දී ඇති බවයි.

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වූ මොරටුමුල්ල – ශ්‍රී ප්‍රේමරත්න මාවතේ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඇය වාසය කළ මාවතේ නිවාස 12 ක පුද්ගලයින් ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

එසේම, ඇය සමඟ මංගල උත්සවයට සහභාගි වූ පිරිස ගමන්ගත් බස් රථයේ සිටි මොරටුමුල්ල, විල්ලෝරාවත්ත, රාවතාවත්ත, කඩොලාන, එගොඩඋයන සහ කොරලවැල්ල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසක්ද ස්වයං නිරෝධානයට ලක්කර තිබෙනවා.

මාළිගාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්‍රාසා උපකාරක පන්තියක ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසුන් 28 දෙනෙකු ඊයේ ස්වයං නිරෝධානයට ලක්කර තිබෙනවා. ඒ, නිරෝධායන රෙගුලාසි කඩකරමින් උපකාරක පන්ති පැවැත්වීම හේතුවෙන්.

News Source :- Hiru News

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0