මොරටුව කුසගිනිවත්ත ප්‍රදේශය වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ.
එම ප්‍රදේශයෙන් වයස අවුරුදු 60 ක් පමණ වයසැති කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ආසාදිත කන්තාව දිවුලපිටිය ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වී ඇති අතර ඇය සමග 170 ක පමණ පිරිසක් බස් රථයකින් එම උත්සවයට සහභාගී වී ඇති බව හෙළි වී ඇත.
ඇය සමඟ මෙම මංගල උත්සවයට සහභාගි වූ සහ තවත් අය සිටීනම් ඉදිරිපත් වන ලෙස මොරටුමුල්ල පොලීසිය සහ මොරටුව මහ නගර සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
1
+1
+1