Rambukkana Lockdown
රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුනකට අයත් ගම්මාන හතක් හුදෙකලා කර තිබේ.
බොරළුව, පීලිකුඹුර, ඇඹුල්අඹේගම, වත්තගම, වල්කොටුව, කිරිවල්ලාපිටිය, අලවත්ත යන ගම්මාන මෙසේ හුදකලා කර ඇත.
කොරෝනා ආසාදිත කාන්තාවක් මෙම ගම්මාන කිහිපයේ සංචාරය කර ඇති නිසා ම මෙම පියවර ගත් බව රඹුක්කන පොලිසිය කියා සිටියි. වසා දමා ඇති ගම්මාන වල දෙදහස් පන්සීයකට ආසන්න පිරිසක් වාසය කරයි.
එම කාන්තාව කළගෙඩිහේන ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන්නියක් වන අතර ඇය මේ වන විට කරන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1